අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Tim Gustafson

ටිම් ගුස්ටාෆ්සන්

Tim Gustafson writes for Our Daily Bread and Our Daily Journey and serves as an editor for Discovery Series. As the adopted son of missionaries to Ghana, Tim has an unusual perspective on life in the West. He and his wife, Leisa, are the parents of one daughter and seven sons. Perhaps not surprisingly, his life verses say: “Father to the fatherless, defender of widows—this is God, whose dwelling is holy. God places the lonely in families; he sets the prisoners free and gives them joy” (Ps. 68:5-6 NLT).

ටිම් ගුස්ටාෆ්සන් විසින් රචිත ලිපි

විශ්වය සමග පටලවා ගැනීම

1980 ගණන්වල මුල් කාලයේදී දෙවියන්වහන්සේව විශ්වාස නොකළ ප්‍රමූඛ “ග්‍රහ තාරකා” පිළිබඳ විද්‍යාඥයෙක් මෙසේ ලිවීය. “කරුණු පිළිබඳ සාමාන්‍ය බුද්ධිමය අර්ථකථනයකින් පෙනී යන්නේ “සුපිරි බුද්ධියක් තිබෙන කෙනෙක්” භෞතික විද්‍යාව සමග මෙන්ම රසායන විද්‍යාව හා ජීව විද්‍යාවද පටලවා ගෙන (අනාගෙන) ඇති බවයි”. මෙම විද්‍යාඥයාගේ ඇසට සාක්‍ෂිවලින් පෙනී ගියේ විශ්වයේ අපි නිරීක්‍ෂණය කරන සෑම දෙයක්ම යම් දෙයක් විසින් නිර්මාණය කර ඇති බවයි. “සොබා දහම…

එසේ නොවේ

“මට අවශ්‍ය වූයේ කෙසේ හෝ එය එසේ නොවන්නටය” කියමින් මිතුරෙක් විසින් තරුණ වියේදීම මිය ගිය මිතුරෙක්ගේ ජීවිතය ගැන වර්ණනා කරමින් විලාප දුන්නේය. ඔහුගේ වදන් මනුෂ්‍ය වර්ගයාගේ ඈත කාලයේ සිටම තිබූ හදවතේ කම්පනය සිහිපත් කරයි. මරණය අප සියල්ලන් මවිතයට පත් කරන අතර බියක්ද ඇති කරයි. ආපසු හැරවිය නොහැකි දේ හැරවීමට අපි වෙහෙසෙන්නෙමු.

යේසුස්වහන්සේගේ මරණයෙන් පසු උන්වහන්සේගේ අනුගාමිකයන්ට හැඟුණු ආකාරය අනුව “එසේ…

“එය රාත්‍රිය විය”

එලී වීසල්ගේ “රාත්‍රිය” නමැති පොත සමූල ඝාතනයේ බිහිසුණුකම සමග අපට තදින්ම අභියෝග කරයි. නාට්සි මරණ කඳවුරුවල ඔහුගේම අත්දැකීම් මත පදනම්ව වීසල්ගේ වාර්තාව නික්මයාම පිළිබඳ බයිබලීය කථාව පෙරළයි. මෝසෙස් සහ ඊශ්‍රායෙල්වරුන් පළමු පාස්කු මංගල්‍යයේදී වහල් භාවයෙන් “පලා ගිය” අතර (නික්මයාම 12) පාස්කුවෙන් පසු නාට්සීන් විසින් යුදෙව් පූජකයන් අත් අඩංගුවට ගැනීම ගැන වීසල් පවසයි.

අපි වීසල් සහ ඔහුගේ අඳුරු ව්‍යාංගය විවේචනය නොකිරීමට…

අතීතය හා බැඳී තිබ්ම

ඔහුගේ රාජධානියට පීඩා කරන දූෂණය සහ අධික වියදම් ගැන කලබල වූ කොරියාවේ යොංජෝ රජු (1694-1776) දේවල් වෙනස් කිරීමට තීරණය කළේය. “ළදරුවා නාන ජලයත් සමග ඉවතට විසි කිරීම” යන කියමන හරියාකාරව ඉෂ්ට කරන්නාක් මෙන් ඔහු කොරියාවේ සාම්ප්‍රදායික සාරවත් කලාව වන රන්-නූල් එම්බ්‍රොයිඩරි කලාව සම්පූර්ණයෙන්ම තහනම් කළේය. වැඩි කල් නොගොස් එම සංකීර්ණ ක්‍රියාවලිය පිලිබඳ දැනුම අතීතයට අතරුදහන් විය.

2011 දී මහාචාර්ය සිම්…

තරුවල අභියෝගය

ඵීසිවන ශත වර්ෂයේ මුල් කාලයේදී ඉතාලි කවියෙක් වන එෆ්. ටී. මැරිනෙට්ටි විසින් අතීතය ප්‍රතික්‍ෂේප කළ, අලංකාරය පිළිබඳ සාම්ප්‍රදායික අදහස් සමච්චලයට ලක් කළ සහ ඒ වෙනුවට යන්ත්‍රෝපකරණ උත්කර්ෂයට නංවන කලාත්මක ව්‍යාපාරයක් වන “ෆියුචරිසම්” දියත් කළේය. 1909 දී මැරිනෙට්ටි, ෆියුචරිසම් වල පොදු ප්‍රතිපත්ති ප්‍රකාශනය ලිවීය. එහි ඔහු “කාන්තාවන්ට අවමානය” ප්‍රකාශ කළේය. “හස්තයෙන් පහර” ප්‍රශංසා කළේය. “අපට යුද්ධය ගෞරවයට නැංවීමට අවශ්‍යය” යනුවෙන් ප්‍රකාශ…

අපට අවශ්‍ය දේ ලබා ගැනීම

ඒරන් බර් නැමැත්තා එක්සත් ජනපද නියෝ‘ජිත මන්ත්‍රී මණ්ඩලයේ සම තත්ත්වය බිඳින ඡන්ද ප්‍රතිඵලය එන තෙක් විමසිල්ලෙන් බලා සිටියේය. 1800 ජනාධිපතිවරණයේදී ඔහු සමග ඉතා ළඟින් තරඟ කළේ තෝමස් ජෙෆර්සන්ය. තමාව ජයග්‍රහකයා ලෙස සභාව විසින් ප්‍රකාශයට පත් කරාවි යයි යම් යම් කරුණු නිසා බර් විශ්වාස කළේය. කෙසේ වෙතත් ඔහු පරාජයට පත් වුනි. ඔහුගේ ආත්මය තිත්තකමෙන් පීඩා වින්දේය. අපේක්‍ෂකත්වයෛ්දී ඔහුට සහාය නොදැක්වීම සම්බන්ධයෙන්…

මූලික දෙය වෙත ආපසු යෑම

අපට පෙනෙන ආකාරයට යෝජනා සකස් කරන්නේ කැඩීමටයි. සමහර මිනිසුන් මෙම යතාර්ථය ගැන විනෝද වන අතර අලුත් අවුරුදු පෙරොන්දු ඉදිරිපත් කරන්නේ පහසුවෙන් ලබ ගත හැකි දේවල් හැටියටය. මෙන්න සමාජ මාධ්‍ය වලින් කිහිපයක් :

නවතින්න යනුවෙන් දැක්වෙන මාර්ග සංඥා වලදී සෙසු වාහන හිමියන්ට අත වැනීම,
මැරතන් තරඟයක් සඳහා ලියා පදිංචි වීම; එය නොදිවීම.
කල් දැමීම නවත්වන්න-හෙටට
සිරිගෙන් කිසිම උදව්වක් නොමැතිව පැනලා යාම.…

අලුත් පරම්පරාව

1964 දී පරිසරවේදී ජැක් වෙයින්බර්ග් පැවසුවේ “අවුරුදු තිහට වැඩි කිසිවෙකු විශ්වාස කරන්න එපා” කියාය. ඔහු කිවූ දෙය මුලු පරම්පරාවකටම බලපෑමක් ඇති කරන ලද්දේය. පසුව ඔහු කිවූ දෙය ගැන ඔහු දුක් වුනි. ආපසු හැරී බලන විට “මම හිසට උඩින් කිවූ දෙයක් .... සම්පූර්ණයෙන්ම විකෘති වී වැරදි වැටහීමකට ලක් වුනි” කියා ඔහු පැවසුවේය.

පරම්පරා ගණනාවක් ඉලක්ක කර ගත් අපකීර්තිමත් අදහස් ඔබ අසා…

අන් අයව යේසුස්වහන්සේ වෙතට ළඟා කරවීම

දශකයකට පෙර ඔවුන් යේසුස්වහන්සේගේ නාමය දැන ගෙන සිටියේ නැත. පිලිපීනයේ මින්ඩනාඕ කඳුකරයේ සැඟවී සිටි බන්වාන් වැසියන්ට බාහිර ලෝකය සමග එතරම් සම්බන්ධයක් නොතිබුණි. බඩු භාණ්ඩ සඳහා දින දෙකක ගමනක් ගත විය හැකි අතර රළු භූමි ප්‍රදේශයෙහි දැඩි දුෂ්කර ගමනක් යා යුතු වේ. ලෝකය ඔවුන් ගැන සළකිල්ලක් දැක්වූයේ නැත.

ඉන්පසු හෙලිකොප්ටරයකින් කලාපය තුළට සහ ඉන් පිටතට මිනිසුන්ව එහාට මෙහාට ගෙනෙමින් සේවය කිරීමට…

සෘතුව මුදවා ගැනීම

සෘතුව මුදවා ගැනීමට ක්‍රමයක් ලීසාට අවශ්‍ය වුනි. ඇය දුටු සරත් සෘතුවේ සැරසිලි බොහෝමයක් බිහිසුණු සහ අශෝභන ආකාරවලින් මරණය සැමරීම සඳහා යොදා ගෙන තිබුණි.

අන්ධකාරයට සුලු ආකාරයකින් හෝ මුහුණ දීමට අධිෂ්ඨාන කර ගෙන සිටි ලීසා විශාල වට්ටක්කා ගෙඩියක් මත නොමැකෙන තීන්ත පෑනකින් තමාට ස්තුතිවන්ත විය හැකි දේවල් ලිවීමට පටන් ගත්තාය. පළමුවෙන් වූයේ “හිරු ආලෝකයයි”. වැඩිකල් නොගොස් ඇගේ ලැයිස්තුවට අමුත්තන්ද එකතු වුනි.…